ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

17. සුපාරිචරිය වග්ග

4. දෙසපූජක ථෙරාපදානය

’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසට නැගී අහස් මගෙහි වඩින සේක.

’’මහා මුනිවූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනසේක්ද, මම පහන් සිත් ඇත්තේ සියතින් එදෙසට වඳිමි.

’’එක් දහස් අට සියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. දිශා පූජාවෙහි මේ විපාකයි.

’’එක් දහස් එක් සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

දෙසපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.