ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

5. ඉසිමුග්ගදායක ථෙරාපදානය

’’උදාවන්නාවූ සූර්‍ය්‍යයා මෙන්ද, (උදාවූ) අතිශයින් දීප්ති රැස් ඇති හිරු මෙන්ද, පුණු රැසි සඳු මෙන්ද, මල් ගෙඩි දම්වැලින් හොබනා කුඹුක් ගසක් මෙන්ද බබළන්නාවූ (පදුමුත්තර) බුදුරජුන් දිටිමි.

’’ඎෂි මුද්ග (ඎෂීන් පරිභෝග කරණ මුං) අඹරා මැස්සන් නැති ඛුද්දක මධු (කණමී) ද (ගෙන) පහයෙහි සිටියේම ලෝක බන්ධුවූ බුදුරජුන්හට දුනිමි.

’’(එහි) අට ලක්‍ෂයක් බුද්ධ ශ්‍රාවකයෝ වූහ. (ඒ මුං හා මී) හැමදෙනා වහන්සේට පාත්‍ර පුරවා එයිනුදු ඉතා වැඩි තරම් විය.

’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නොඉපදුනෙමි.

’’සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම්වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඉසිමුග්ගදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.