ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

20. තමාල පුප්ඵිය වග්ග

9. කිඞ්කණිපුප්ඵිය ථෙරාපදානය

’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, අපරාජිතවූ සුමඞ්ගල බුදුරජතෙම විහාරයෙන් නික්ම නුවරට පිවිසි සේක.

’’කරණ ලද සියළු බුදුකිස ඇති ඒ සර්‍වඥ මුනි තෙමේ පිඬු පිණිස හැසිර, නුවරින් නික්ම වනය අතුරෙහි විසූහ.

’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, කිංකිණි පුෂ්පයන් ගෙන සියල්ල තෙමේම දතුවාවූ, මහර්ෂීවූ බුදුරජුන්හට පිදීමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් සයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ’’අපිලාපිස’’ නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කිංකණිකපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.