ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
21. කණිකාරපුප්ඵිය වග්ග
7. සලලමාලිය ථෙරාපදානය
’’පර්‍වතයන් අතුරෙන් කිණිහිරි රුකක් මෙන් බබළමින් හුන් සියළු දිගුන් හෙලිකරන්නාවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් දුටිමි.
’’එකල්හි මම දුන්න නිසැකකොට හීය යොදා (විද) නටු සහිත මලක් කඩා බුදුරජුන්හට පිදීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් එක් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සලලමාලියත්ථෙරස්සාපදානං සත්තමං.