ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
9. අම්බපාලී අපදානය
’’යමෙක් තෙමේ රැස් පහස්නා සිරස් තලය ඇත්තේ වේද, (හෙතෙම) ඵුස්ස නම් බුදුරජතෙමේ (වේ.) මම උන්වහන්සේගේ සොහොයුරිය වීමි. කැත් කුලයෙහි උපනිමි.
’’මම උන්වහන්සේගේ ධර්‍මය අසා පැහැදි සිතින් මහ දන් දී රූප සම්පත්තිය පැතීමි.
’’මින් තිස්එක්වන කපෙහි ලෝකයෙහි අසහාය නායකවූ, ලොව බබුළුවන්නාවූ, සිඛී නම් බුදුරජතෙම ලෙව්හි පහළවිය.
’’එකල්හි රම්‍යවූ අරුණපුරයෙහි බමුණු කුලයෙහි උපන්නී, කුපිතවූවා, එහත් මෙහෙණියකට සාප කෙළෙමි.
’’බුදුසසුන කිලිටි කරන්නාවූ, අනාචාරයෙහි හැසිරෙන්නාවූ, නින්‍දිත ගණිකාවය’’ කියායි. මෙසේ ආක්‍රෝෂකොට එම පව්කමින්,
’’දරුණු නිරයට ගොස් මහ දුක් ලැබුවා, ඉන් ච්‍යුතව මිනිස් ගතියෙහි උපන්නී, යසස් ඇත්තී,
’’දස දහසක් ජාතීන්හි ගණිකා බව කෙළෙමි. දරුණු විෂයක් අනුභව කළාක් මෙන් එම පවින් නොමිදුනෙමි.
’’කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසුරුනෙමි. එම කර්‍ම විපාකය කරණකොටගෙන තිදස් පුරයෙහි උපනිමි.
’’අන්තිම භවය පැමිණි කල්හි ඔපපාතික වීමි. අඹ අතු අතුරෙහි උපන්නී, එහෙයින් ’’අම්බපාලී’’ නම් වෙමි.
’’ප්‍රාණීන් කෝටියක් විසින් පිරිවරන ලද්දී, බුදු සසුනෙහි පැවිදිවීමි. නිශ්චල ස්ථානයවූ නිවණට පැමිණියාවූ මම බුදුරජාණන් වහන්සේගේ ඖරස දුහිතෘවක් වෙමි.
’’මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, පිරිසිදුවූ (දිව්‍ය) ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
’’අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්‍මලය, පිරිසිදුය.
’’අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ දවන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිත වූවාහු වෙසෙමු.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
ඉත්ථං සුදං අම්බපාලි භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
අම්බපාලිථෙරියාපදානං නවමං.