කුසලා 23 texts and 74 matches in Suttanta Sinhala


Sutta St Title Words Ct Mr Links Quote
an1.71-81 1.71–81 72අකුසලානුයොග 73කුසලානුයොග 2 0 Eng  ไทย  සිං  Рус
APZ 8.2Msdiv 72අකුසලානුයොග සූත්‍රය—“මහණෙනි, යම් අකුශල ධර්මයන්හි යෙදීමක් හා කුශලධර්මයන්හි නොයෙදීමක් නිසා නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මෙ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීමෙන්ද කුශලධර්මයන්හි නොයෙදීමෙන්ද, නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”

APZ 8.3Msdiv 73කුසලානුයොග සූත්‍රය—“මහණෙනි, යම් කුශල ධර්මයන්හි යෙදීමක් හා අකුශලධර්මයන්හි නොයෙදීමක් නිසා නූපන් කුශලධර්මයෝත් උපදිත් ද, උපන් අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්මයන්හි නොයෙදීමෙන් (පෙර) නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.
an1.82-97 1.82–97 96අකුසලානුයොග 97කුසලානුයොග 2 0 Eng  ไทย  සිං  Рус
APZ 9.16Msdiv 96අකුසලානුයොග සූත්‍රය—“මහණෙනි, යම්සේ අකුශල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ අකුසල ධර්ම අනුයොගය හා කුශලධර්ම අනනු යොගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්මයන්ගේ අනුයොගයද කුශල ධර්මයන්ගේ අනනුයොගයද, මහත් අනර්ථය පිණිස පවතී.”

APZ 9.17Msdiv 97කුසලානුයොග සූත්‍රය—“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්ම අනුයොගයද හා අකුශල ධර්මය අනනුයොගයද, මහත්වූ අර්ථය පිණිස පවතී.”
an1.98-139 1.98–139 113කුසලානුයොග අකුසලානුයොග කුසලානුයෝග 3 0 Eng  ไทย  සිං  Рус
APZ 10.16Msdiv 113කුසලානුයොග සූත්‍රය:—“මහණෙනි, අද්ධ්‍යාත්මික වූ කරුණු වසයෙන් සලකනවිට යම්සේ කුසලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක කාරණයකුදු මහණෙනි. මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමද අකුශලධර්මයන්හි නොයෙදීමද මහත්වූ අර්ථය පිණිස පවතී.’

APZ 10.31Msdiv 128සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රය:—

APZ 10.32Msdiv 129සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූත්‍රය:—1. “ මහණෙනි, එසේම කුශලධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
an3.69 Akusalamūlasutta. කුසලාකුසල මූල සූත්‍රය කුසලාකුසල 1 2 Eng  ไทย  සිං  Рус 3.69. කුසලාකුසල මූල සූත්‍රය
an10.136 Akusalasutta. කුසලාකුසල සූත්‍රය කුසලාකුසල 1 0 Eng  ไทย  සිං  Рус 10.136. කුසලාකුසල සූත්‍රය
an10.180 Kusalasutta. කුසලාකුසල සූත්‍රය කුසලාකුසල 1 0 Eng  ไทย  සිං  Рус 10.180. කුසලාකුසල සූත්‍රය
dn14 Mahāpadānasutta. මහාපදාන සූත්‍රය කුසලාකුසල කුසලාකුශල 8 18 Eng  ไทย  සිං  Рус Вар. 2
Msdiv 13එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමකොට ගොස් නොබෝ වේලාවකින් ඒ භික්ෂූන් අතර මේ අතුරුකථාව පහළ විය. “ආයුෂ්මතුනි තථාගතයන් වහන්සේගේ මහත් සෘද්ධිමත් භාවය හා මහත් ආනුභාවය පුදුමයි. පෙර නොවූ, දෙයකි. පිරිනිවන් පෑවාවූ සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ කපාදමනලද කුසලාකුසල ධර්ම ඇති සංසාරය අවසාන කල සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහිකළෝය, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කළෝය, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකළෝය, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකළෝය, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝ යයි කියාද, මාර්ගඵල සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා අදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරොධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි (විමුක්ති) මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.

“ඇවැත්නි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ යම් ඥානයක් මනාකොට අවබොධ කිරීම හේතුකොට ගෙන (පිරිනිවන් පෑවාවූ, කපාදැමූ සසර ප්‍රමාදකරන ධර්මයන් ඇත්තාවූ කපාදමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කල සියලු දුක් කෙළවර කළ අතීත බුදුරවයන් ජාති වශයෙනුත් සිහිකරති, ආයුෂ ප්‍රමාණ වශයෙන්ද සිහිකරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්විම් වශයෙනුත් සිහිකරති. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද මාර්ගඵල ප්‍රඥා ආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝ යයි කියාද නිරොධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද පස්වැදෑරුම් (විමුක්ති) මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.) ඒ ඥානය තථාගතයන් වහන්සේ විසින්ම අවබොධ කරගන්නා ලද්දේද?

“නැතහොත් දේවතාවෝ තථාගතයන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුද? යම් කාරණයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපාදැමූ සසර ප්‍රමාදකරන ධර්මයන් ඇත්තාවූ, කපාදමනලද කුසලාකුශල කර්ම ඇති, සංසාරය අවසානකළ සියලු දුක් කෙළවරකළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහිකරති, නාම වශයෙනුත් සිහි කරති, ගොත්‍රවශයෙනුත් සිහිකරති, ආයුෂ ප්‍රමාණවශයෙනුත් සිහිකරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකරති, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා, මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල, සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා ආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද නිරොධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝ යයි කියාද, පස්වැදෑරුම් (විමුක්ති) මිදිම් ඇත්තෝයයි කියාද වෙත්. යන මේ අතුරු කථාවකොට නිමවීය.

මෙසේ ඇසූකල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් මෙහි අප අතරෙහි මේ අතුරු කථාව උපන්නේය. එනම්: “ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධිමත්භාවය හා මහත් ආනුභාවය පුදුමයි. ඇවැත්නි, පෙර නොවූ දෙයකි පිරිනිවන් පෑවාවූ සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ කපා දමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරන්නාහුය, නාම වශයෙනුත් සිහිකරන්නාහුය, ගොත්‍ර වශයෙනුත් සිහිකරන්නාහුය, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරන්නාහුය, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරන්නාහුය ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකරන්නාහුය. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ යයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද මෙවැනි සිල් ඇත්තෝ යයි කියාද, මාර්ගඵල ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥාආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද. නිරොධ සමාපත්තිආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝ යයිද කියායි.”

“ඇවැත්නි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ යම් ඥානයක් අවබොධ කිරීම හෙතුකොටගෙන පිරිනිවන් පෑවාට සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ, කපා දමනලද, කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරන්නාහ, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහිකරන්නාහ, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරන්නාහ. ශ්‍රාවක රැස්වීම වශයෙනුත් සිහිකරන්නාහ. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙවැනි සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ග ඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරෝධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයිද කියායි. ඒ ඥානය තමන් වහන්සේ විසින්ම අවබොධකරන ලද්දේද?

“නැතහොත් දෙවතාවෝ තථාගතයන් වහන්සේට මේ කාරණය සැළකළාහුද? යම් කාරණයක් හෙතුකොට ගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපා දැමූ සසර ප්‍රමාද කරන ධර්මයන් ඇත්තාවූ කපාදමන ලද කුසලාකුසල කර්ම ඇති, සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරති, නාම වශයෙනුත් සිහි කරති. ගොත්‍ර වශයෙනුත් සිහි කරති. ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරති. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරොධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝ යයි කියාද වෙත් යන මේ අපේ අතුරු කථාව ඇතිවූයේය. එකල භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය’ යි කීවෝය.

Msdiv 15“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින්ම මේ ඥානය අවබොධකරන ලද්දේය. යම් ඥානයක් අවබොධ කිරීම හෙතුකොටගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපාදැමූ සසර ප්‍රමාද කරන ධර්මයන් ඇති කපා දමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරති. නාම වශයෙනුත් සිහි කරති. ගොත්‍ර වශයෙනුත් සිහි කරති. ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරති, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද මාර්ගඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද නිරොධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.

“දෙවතාවෝද තථාගතයන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය. යම් කාරණයකින් තථාගතයන් වහන්සේ පරිනිර්වානයට පැමිණියාවූ කපාදැමූ සසර ප්‍රමාද කරණ ධර්මයන් ඇත්තාවූ කපා දමනලද කුසලාකුසල කර්ම ඇති, සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරත්ද නාම වශයෙනුත් සිහි කරත්ද, ගොත්‍ර වශයෙනුත් සිහිකරත්ද, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරත්ද, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරත්ද, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරත්ද කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද මාර්ග ඵල සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ග ඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරොධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.
dn19 Mahāgovindasutta. මහා ගොවින්ද සූත්‍රය කුසලාකුසල කුසලා 4 6 Eng  ไทย  සිං  Рус
“මේ කුසලයයි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දේය. මේ අකුසලයයි හොඳින් ප්‍රකාශකරන ලද්දේය මේ වරදය, මේ නිවරදය, මේ සේවනය කළයුතු ධර්මය, මේ සේවනය නොකටයුතු ධර්මය, මේ හීන (ලාමක) ධර්මය. මේ උතුම් ධර්මය, මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මයෝයයි කියා හොඳින් ප්‍රකාශ කරන ලද්දේය. මේ කුසල්ය, මේ අකුසල්ය, මේ වරදය, මේ නිවරදය, මේ සේවනය කටයුත්තය, මේ සේවනය නොකටයුත්තය, මේ හීනය, මේ උත්තමය, මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මය යන මේ ධර්මයන් ප්‍රකාශ කරන්නාවූ මේ අංගයෙන් යුක්තවූ ශස්තෘ කෙනෙකු තථාගතයන් වහන්සේ හැර අතීතයෙහිද නොදන්නෙමු, මේ වර්තමානයෙහිද නොමදක්නෙමු

“මේ කුසලයයි, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. මේ අකුසලයයි මනා කොට ප්‍රකාශ කරන ලද්දේය මේ වරදය, මේ නිවරදය, මේ සේවනය කළයුතු ධර්මය, මේ සේවනය නොකළයුතු ධර්මය, මේ ලාමක ධර්මය, මේ උතුම් ධර්මය, මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මයෝයයි යහපත් ලෙස ප්‍රකාශ කරන ලද්දේය. මෙසේ කුසල්, අකුසල්, වරද, නිවරද, සේවනය කටයුත්ත, සේවනය නොකටයුත්ත, හීන, උත්තම කුසලා කුසල ධර්මයන්ට සමාන ධර්මය යන මේ ධර්මයන් ප්‍රකාශ කරන්නාවූ මේ අංගයෙන් යුක්තවූ ශාස්තෘ කෙනෙකු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අතීතයෙහිද දැන් කාලයෙහිද නොම දක්නෙමු.
dn23 Pāyāsisutta. පායාසි සූත්‍රය කුසලාකුසල කුසලාකුසලකර්මයන්ගේ 6 9 Eng  ไทย  සිං  Рус
Msdiv 429“කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියති. එසේවී නමුත් මේ ලාමකවූ දෘෂ්ටිය හරින්ට නොහැකි වෙමි. පසේනදි කොසොල් රජතෙමේද වෙනත් ජනපදවල රජවරුද “පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදිනා සත්වයෝ නැත්තාහුය, කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේය යන වාද ඇත්තෙකැයිද දෘෂ්ටි ඇත්තෙකැයිද දනිත්. පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමක දෘෂ්ටිය හරින්නෙම් නම් මට මෙසේ කියන්නෝ වන්නාහුය. “පායාසි රාජන්‍ය තෙමේ අඥාන වෙයි, අව්‍යක්ත වෙයි, වරදවා ගන්නා ලද්දක් ගන්නෙක් වෙයි කියාය. යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදි වශයෙන් මෙසේ කියද්ද, ඔවුන් කෙරෙහි උපදින කෝපයෙන්ද ඒ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි. ඔවුන් කෙරෙහි උපදින ගුණමකු කමින්ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි. එකට එක කිරීමක් වශයෙන්ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමියි” කීයේය.

Msdiv 431කිසිසේත් භවත් කාශ්‍යපතෙමේ කියයිද එසේවුවත් මේ ලාමකවූ දෘෂ්ටිය දුරුකළ නොහැක්කෙමි. පසේනදි කොසොල් රජතෙමේද අනික් පිට රාජ්‍යවල රජවරුද “පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේයයි කියන්නෙකැයිද මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැයිද දන්නාහුය. පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරින්නෙම් නම් පායාසි රාජන්‍ය තෙම අඥානයෙක, වැරදිමත ගන්නෙකැයි කියන්නෝ වන්නාහුය. යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදීන් කියද්ද, ඔවුන් කෙරෙහි උපදනා කෝපයෙන්ද, ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි. ඔවුන් කෙරෙහි ඇතිවන්නාවූ ගුණමකුකමින්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි, ඔවුන්ට එකට එක කිරීම් වශයෙන්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි”යි කීයේය.

Msdiv 433“කිසිසේත් පින්වත් කාශ්‍යප තෙමේ මෙසේ කියද්ද එසේ වී නමුත් මේ ලාමක දෘෂ්ටිය හරින්ට නොහැක්කෙමි, පසේනදි කොසොල් රජතෙමේද අන්‍ය ජනපදවල රජවරුද පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදනා සත්වයෝ නැත්තාහුය, කුසලාකුසලකර්මයන්ගේ ඵලවිපාකයෙක් නැත්තේයයි කියන්නෙකැයිද මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැ”යිද මා දනිත්, පින්වත් කාශ්‍යපය, ඉඳින් මම මේ ලාමකවූ දෘෂ්ටිය හරින්නෙම් නම් පායාසි රාජන්‍යතෙමේ අඥානයෙක, අව්‍යක්තයෙක, වැරදිමත ගන්නෙකැයි, මටකියන්නෝ වන්නාහුය, යම් කෙනෙක් මට අව්‍යක්තය යනාදීන් කියද්ද, ඔවුන් කෙරෙහි උපදනා කෝපයෙන්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි, ඔවුන් කෙරෙහි ඇති ගුණමකුකමින්ද ඒ මේ දෘෂ්ටිය ගෙණ හැසිරෙන්නෙමි, ඔවුන්ට එකටඑක කිරීම් වශයෙන්ද මේ දෘෂ්ටියගෙන හැසිරෙන්නෙමි”යි කීයේය.

Msdiv 435කිසිසේත් භවත් කාශ්‍යප තෙමේ මෙසේ කියන්නේය. එසේ වූයේ නුමුත් මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරින්ට නොහැක්කේ වෙමි. පසේනදි කොසොල් රජතෙමේද අනික් ජනපදවල රජවරුද “පායාසි රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද (මෙලොව සිටියාහට) පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේයයි කියන්නෙක මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැයි දනිත්යයි” කීයේය.

ඇවැත්නි, තෝ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය, කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් නොවෙහි දැයි ඇසීය. එසේය ස්වාමීනි, මම පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යන මෙබඳුවූ දෘෂ්ටි ඇත්තේ වූයෙමි. එහෙත් මම කුමාරකාශ්‍යප ආර්‍ය්‍යයන් වහන්සේ විසින් මේ ලාමකවූ දෘෂ්ටියෙන් මුදනු ලැබුවෙමි.
mn9 Sammādiṭṭhisutta. සම්මා දිට්ඨි සූත්‍රය කුසලා 1 0 Eng  ไทย  සිං  Рус
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම සංස්කාරයන් (කුසලා කුසල කර්ම) දනීද, සංස්කාරයන්ගේ හටගැන්ම දනීද, සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද, සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
mn38 Mahātaṇhāsaṅkhayasutta. මහා තණ්හා සංඛය සූත්‍රය කුසලාකුසල 1 4 Eng  ไทย  සිං  Рус
“ස්වාමීනි, යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වූ කර්මයන්ගේ විපාකය විඳීද (මාකියන විඤ්ඤාණය) ඒය.”
mn47 Vīmaṁsakasutta. වීමංසක සූත්‍රය කුසලාකුසල කුසලා 4 0 Eng  ไทย  සිං  Рус
“ඇසින් හා කණින් දතයුතුවූ යම් කෙලෙස් සහිත ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන් ම ඇසිය යුතුය) ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇසින් හා කණින් දත යුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත’ (කියාය.) ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදුවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද, නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන්ම ඇසියයුතුයි) ප්‍රකාශ කරන්නාවූ, තථාගතතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇසින් හා කණින් දතයුතුවූ පිරිසිදුවූ යම් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් කෙරෙහි වෙති’ (කියාය.) මම මේ ආජීවාෂ්ටමක ශීලය මාර්ගකොට ඇත්තේ වෙමි. මේ ආජීවාෂ්ටමක ශීලය ගොචර කොට ඇත්තේ වෙමි. ඒ පිරිසිදු ශීලයෙන් තෘෂ්ණා සහිත නොවෙමි. මහණෙනි, මෙසේ කියන්නාවූ ශාස්තෲන් වහන්සේ කරා ශ්‍රාවක තෙම, බණ ඇසීම පිණිස යන්නට සුදුසුය. ශාස්තෲන් වහන්සේ ඔහුට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල ධර්ම විභාග සහිතවූ, ධර්මය දෙශනා කරති. මහණෙනි, ශාස්තෲන්වහන්සේ භික්ෂුවහට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල විපාක විභාග සහිතවූ, ධර්මය යම් යම් ආකාරයකින් දෙසනා කෙරේද, ඒ ඒ ආකාරයෙන් හෙතෙම ඒ දෙශනාකළ ධර්මය දැන ඒ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් දැන, ධර්මයන්හි නිෂ්ඨාවට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේ සියල්ල මනාව තෙමේම අවබොධකළ උත්තමයායි කියාද, භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදයයි කියාද, ආර්‍ය්‍ය සංඝතෙම මනාව පිළිපන්නේයයි කියාද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදියි.

“මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. (එනම්) ‘ආයුෂ්මත් තෙමේ, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. සංඝතෙම මනාව පිළිපන්නේය යි මෙසේ කියන්නෙහිය. ආයුෂ්මත්හට එසේ කීමට ඇති අනුමාන කල්පනා කවරහුද?’ මහණෙනි, මනාකොට, ප්‍රකාශ කරන්නාවූ, මහණතෙම, මෙසේ කියන්නේය. ඇවැත්නි, මෙහි මම ධර්මශ්‍රවණය පිණිස භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමි. භාග්‍යවතුන් වහන්සේ ඒ මට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල ධර්ම විභාග සහිතවූ, ධර්මය දෙශනා කරන සේක. ඇවැත්නි, යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ අතිශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ, කුසලා කුසල ධර්ම විභාග විපාක දැක්වීම් සහිතවූ, ධර්මය දෙශනා කරත්ද, ඒ ඒ පරිද්දෙන් මම ඒ දෙශනා කළ ධර්මය දැන, ඒ ධර්ම අතුරෙන් එක්තරා ධර්මයක් දැන ධර්මයන්හි නිමාවට පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. සංඝතෙම, මනාව පිළිපන්නේයයි ශාස්තෲන්වහන්සේ කෙරෙහි පැහැදුනෙමියි, (කියන්නේය.)
mn60 Apaṇṇakasutta. අපණ්ණක සූත්‍රය කුසලා 3 1 Eng  ไทย  සිං  Рус
Msdiv 94“ගෘහපතියෙනි, මෙසේ කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. දුන් දෙයෙහි විපාක නැත. කරන ලද පූජාවෙහි විපාක නැත. මෙහෙයීමෙන් කරනලද සත්කාරයෙහි විපාක නැත. කුසල කර්මයන්ගේ ඵලයක් නැත. විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට උපකාර අපකාර කිරීමේ විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. ලෝකයෙහී යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙද්ද, එබඳු යහපත් මාර්ගයෙහි ගමන් කරන්නාවූ මනා කොට පිළිපදින්නාවූ මහණ බමුණෝ නැතැයි ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ට සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කියත්. දුන් දෙයෙහි විපාක ඇත. කරන ලද පූජාවෙහි විපාක ඇත මෙහෙයීමෙන් කරණලද සත්කාරයෙහි විපාක ඇත. කුසලා කුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ’යි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ නොවෙත්ද?”

Msdiv 95“ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද (එනම්) ‘දුන් දෙයෙහි විපාක නැත. කුසලා කුසලා කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට සංග්‍රහ කිරීමේ විපාක නැත. පියාට සංග්‍රහ කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනා කොට පිළි පන්නාවූ මහණ බමුණෝ ලොව නැත්තාහයි’ කියත්ද, ඔවුන් යම් මේ කයින් මනාව හැසිරීමය, වචනයෙන් මනාව හැසිරීමය, සිතින් මනාව හැසිරීමය, යන මේ කුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් නොමනා හැසිරීමය, වචනයෙන් නොමනා හැසිරීමය, සිතින් නොමනා හැසිරීමය, යන මේ අකුසල ධර්මතුන සමාදන්ව පවතින්නාහුය, යන මෙය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීම, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහි, (අත්හැර දැමීම) ආනිශංසය පිරිසිදු පක්ෂය නොමදකිත්. ඇත්තාවූම පරලොව පරලොවක් නැතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. එය මොහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. ඇත්තා වූම පරලොව (ගැණ) පරලොවක් නැතැයි කල්පනා කරයි. එය ඔහුගේ මිථ්‍යා කල්පනාව වේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැත යන වචනය කියයි. එය මොහුගේ මිථ්‍යා වචනයවේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි කියයි. යම් ඒ පරලොව දන්නාවූ රහත්හු වෙත්ද ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි අනුන්ට හඟවයි. ඒ ඔහුගේ අසත්‍ය ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කෙරෙයි. අනුන් පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම ඔහුගේ සිල්වත් බව දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යා දෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ ඔහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
mn123 Acchariyaabbhutasutta. ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය කුසලාකුසල 2 2 Eng  ไทย  සිං  Рус
Msdiv 197මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. අතීතයෙහි පිරිනිවියාවූ සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් තථාගතයන් වහන්සේ දැනගත්සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි.
sn24.5 Natthidinnasutta Diṭṭhisaṁyuttaṁ. නත්ථි කරොථ සූත්‍රය (1) කුසලාකුසලයන්ගේ කුසලාකුසල 12 0 Eng  ไทย  සිං  Рус
[2] “මහණෙනි; කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘දානයෙහි විපාක නැත. කම්පල අදහා කරණ මහා යාගයන්හි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, අපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත් විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?”

“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්, මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත් යන මේ දෘෂ්ටි උපදියි.

[4] “වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදානසංඛ්‍යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත, ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශ වෙත්, මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදියි.

[5] “සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘දෙන ලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත මහා යාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්. මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදියි.

[6] “සංස්කාරය ඇතිකල්හි සංස්කාරය නිසා සංස්කාරයට පැමිණ ‘දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙම යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයි පත් පාට ඇතිවෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්. මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටිය උපදියි.”

[7] “විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ දෙනලද දානයාගේ විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත යාගයාගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති යහපත් ගති ඇති මහණ බමුණෝ ලෙව්හි නැත සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවර කොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පණවන ලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයෙකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාශ වෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.

“යමක් වනාහි අනිත්‍යද, දුකද වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහා භූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයි. තේජෝ ධාතුව, තේජෝධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවෙනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වෙනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිමතෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇතිවෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේවෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවන ලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාශ වෙත්, මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටි උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවිධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද ඒ බාලයෝද, පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්, විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” -“ස්වාමීනි. එය නොවන්නේමය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එයදැඩිලෙස නොගෙන දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහා භූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂ තෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුවයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනි කොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටි උපදීද?” “ස්වාමීනි, එය නොවන්නේමය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන, දෙනලද දානයෙහි විපාක නැත. දෙනලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතරදෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇතිවෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවර කොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත් මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස් වන ස්වභාවද, එය දැඩි වශයෙන් නොගෙන ‘දෙන ලද දානයෙහි විපාක නැත. කරණලද දානසංඛ්‍යාත යාගයෙහි විපාක නැත පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි, ආපෝධාතුව, ආපෝධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝධාතුව අනුව යයි සිත සවැනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනි කොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, කායයාගේ බිඳී මෙන් සිඳෙත්. විනාස වෙත්. මරණින් මතු නොම උපදිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙන ලද දානයෙහි විපාක නැත. යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත, කරණලද පූජාසත්කාරයන්ගේ විපාක නැත. කරණලද කුසලාකුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. පරලොවක් නැත මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් තුමූ මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දනිත්ද, මනාකොට පිළිපන් යහපත් ගති ඇති එබඳු මහණ බමුණෝ ලෝකයෙහි නැත, සතර මහා භූතයින් නිසා උපන් මේ පුරිෂතෙමේ යම් දිනෙක කළුරිය කෙරේද, පෘථිවි ධාතුතොමෝ පෘථිවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි වායෝ ධාතුව වායෝ ධාතුව අනුව යයි. මනස සයවෙනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට යත්. ඇඳ පස්වැනි කොට ඇති පුරුෂයන් සතර දෙනෙක් මෘත ශරීරය ගෙනයත්, සොහොන දක්වා ගුණාගුණපදයෝ ප්‍රකට වෙත්. ඇට පරෙයි පියාපත් පාට වෙත්, දාන විපාකයෝ අළු කෙළවරකොට පවතිත්, බාලයන් විසින් පනවන ලද මෙම දානය නම් ඔවුන්ගේ හිස්වූ අසත්‍යවූ ප්‍රලාපයකි. යම් කිසිවෙක් විපාක ඇත යන වාදය කියත්ද, ඒ බාලයෝ පණ්ඩිතයෝද කායයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාස වෙත්. මරණින් මතු නොවෙත් යන මේ දෘෂ්ඨිය උපදින්නේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
sn24.20-35 Etaṁmamādisuttaඑතං මම සූත්‍රය. කුසලාකුසලයන්ගේ 1 0 Eng  ไทย  සිං  Рус
[13] මහණෙනි, මෙසේ වනාහි දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ ‘දානයෙහි විපාක නැත. කම්පල අදහා කරණ මහා යාගයන්හි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද එබඳු යහපත් පැවතුම් ඇති යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි තේජෝ ධාතුව තේජෝ ධාතුව, අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනි කොට ඇති මලසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවර කොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටි උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
sn24.46-69 Etaṁmamādisuttaඑතං මම සූත්‍රය. කුසලාකුසලයන්ගේ 1 0 Eng  ไทย  සිං  Рус
[13] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා ‘දානයෙහි විපාක නැත. කම්පල අදහා කරණ මහා යාගයන්හි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, අපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත් ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
sn45.11 Paṭhamavihārasutta Maggasaṁyuttaṁ. අඞ්ඪමාස පටිසල්ලාන සූත්‍රය කුසලා’කුසල කුසලා 16 0 Eng  ไทย  සිං  Рус
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්‍රථමාසම්බොධිය ඇති (බුදුවී එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද? ඒ ධර්මයන් අතුරෙන් වේදනා සංඛ්‍යාත එක්තරා ධර්මයක් සිහි කරමින් විසුවෙමි. ඒ මම මෙසේ දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක වේදනාවද) දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්‍යා සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි සම්‍යක් සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යාවචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි, සම්‍යක් වචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්‍යා කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්‍යක් කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්‍යක් ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනා ද දැන ගතිමි. මිථ්‍යා ව්‍යායාමය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි සම්‍යක් ව්‍යායාමය නිසා උපදින (කුසලා කුසල විපාක) වේදනාද දැනගතිමි මිථ්‍යා සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි.
sn45.12 Dutiyavihārasutta Maggasaṁyuttaṁ. තෙමාස පටිසල්ලාන සූත්‍රය කුසලා’කුසල 1 0 Eng  ไทย  සිං  Рус
“ඒ මම මෙසේ දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ව්‍යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා ව්‍යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි, සම්‍යක් ව්‍යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් ව්‍යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සතිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සතිය සංඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි. මිථ්‍යා සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි. සම්‍යක් සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
sn46.2 Kāyasutta Bojjhaṅgasaṁyuttaṁ. ආහාරඨිති කාය සූත්‍රය කුසලා’කුසල 1 4 Eng  ไทย  සිං  Рус
“මහණෙනි, නූපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, කුසලා’කුසල ධර්මයෝ සදොස් නිදොස් ධර්මයෝ කළු සුදු හා සමානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
sn55.41 Paṭhamaabhisandasutta Sotāpattisaṁyuttaṁ. පඨමකුසලාභිසන්ද සූත්‍රය පඨමකුසලාභිසන්ද 1 1 Eng  ไทย  සිං  Рус 55.41. පඨමකුසලාභිසන්ද සූත්‍රය
sn55.42 Dutiyaabhisandasutta Sotāpattisaṁyuttaṁ. දුතිය කුසලාභිසන්ද සූත්‍රය කුසලාභිසන්ද 1 1 Eng  ไทย  සිං  Рус 55.42. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
sn55.43 Tatiyaabhisandasutta Sotāpattisaṁyuttaṁ. තතිය කුසලාභිසන්ද සූත්‍රය කුසලාභිසන්ද 1 0 Eng  ไทย  සිං  Рус 55.43. තතිය කුසලාභිසන්ද සූත්‍රය