ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

23. ආලම්බනදායක වග්ග

1. ආලම්බනදායක ථෙරාපදානය

’’අටලෝ දහම්හි කම්පා නොවන බැවින් තාදී ගුණ ඇති, ලෝකජ්‍යෙෂ්ඨවූ, විපදෝත්තමවූ අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් එල්බෙන පුවරුවක් දෙන ලදී.

’’මහත්වූ සයුර කෙළෙවරකොට ඇති පෘථිවිය රජ කරමි. (පෘථිවියෙහිවූ) ධනයටද, ප්‍රාණීන්ටද ආධිපත්‍යය පවත්වමි.

’’මාගේ කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මින් දෙසැටවන කපෙහි මහත් බල ඇති ’’එකාපස්සීත’’ නම් ඒ තුන් සක්විති රජෙක් වූහ.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ආලම්බණදායකත්ථෙරස්සාපදානං පඨමං.