ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

9. ජගතිකාරක ථෙරාපදානය

’’මා විසින් අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි එම බුදුරජුන්ගේ උතුම් සෑයෙහි පිළි දැකුම් කරණ ලදී.

’’එක් දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චෛත්‍ය ප්‍රතිජග්ගනයෙහි මේ විපාකයයි.

’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ජගතිකාරකත්ථෙරස්සාපදානං නවමං.