ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
24. උදකාසන වග්ග
8. අම්බයාග දායක ථෙරාපදානය
’’ස්වකීය (තර්‍කව්‍යාකරණාදී) ශිල්පයෙහි දක්‍ෂවූයේ මම වනයට ගියෙමි. මම මග වඩින්නාවූ බුදුරජුන් දැක අඹ දනක් දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඹ දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාග දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අම්බයාගදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.