ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

7. පියාල පුප්ඵිය ථෙරාපදානය

’’මම පෙර මහ වෙනෙහි මුව වැද්දෙක්වීමි. මම පිපුණු පියාල ගසක් දැක, බුදුරජුන් වැඩිය මගෙහි (එම මල් ගෙන) දැමීමි.

’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල පිප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පියාලපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.