ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

6. වණ්ණකාර ථෙරාපදානය

’’මම එකල්හි අරුණවතී නගරයෙහි වර්‍ණකාරයෙක් (රෙදි සායම් කරන්නෙක්) වෙමි. මම චෛත්‍යයෙහි වස්ත්‍ර නා නා වර්‍ණකොට පෙවීමි. ඤෆු ු67ුරැ%

’’මින් තිස්එක්වන කපෙහි වූ එකල්හි යම් වර්‍ණයක් (පින් පිණිස) පෙවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.

’’මින් තෙවිසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්දුපම නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වණ්ණකාර තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

වණ්ණකාරත්ථෙරස්සාපදානං ඡට්ඨං.