ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
24. උදකාසන වග්ග
5. වෙදිකාරක ථෙරාපදානය
’’විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ වේදිකාවක් කෙළෙමි.
’’මම මින් එක් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දානයාගේ මේ විපාකයයි.
’’මින් එකොලොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’සුරියස්සම’’ නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වෙදිකාරකත්ථෙරස්සාපදානං පඤ්චමං.