ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

4. කිලඤ්ජදායක ථෙරාපදානය

’’(ප්‍රාකාරත්‍රයකින් වටකළ බැවින්) තිවරා නම්වූ රම්‍ය නගරයෙහි මම එකල්හි නළකරුවෙක් (කුළුපොත්තෙක්) වීමි. සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් කෙරෙහි පැහැදුනු ජන සමූහයෝ එහි වූහ.

’’ලෝකනාථයන් වහන්සේට පිදීම සඳහා කළාලයක් සොයයි. මම ඒ බුද්‍ධ පූජාව කරනවුනට කළාලයක් දුනිමි.

’’මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කළාල දානයාගේ මේ විපාකයයි.

’’සත් සැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’ජුතින්‍ධර’’ නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිලඤ්ජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කිලඤ්ජදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.