ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

3. සාලපුප්ඵිය ථෙරාපදානය

’’මම අරුණවතී නගරයෙහි පූප (කැවිලි වර්‍ග) සාදන්නෙක්වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.

’’මම බුදුරජුන්ගේ පාත්‍රය ගෙන මනාසේ වඩින එම බුදුරජාණන් වහන්සේට පැහැදි සිතින් හල්පූ දුනිමි.

’’මින් තිස්එක්වන කපෙහි මම යම් ඛාද්‍යයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. හල්පූ දානයෙහි මේ විපාකයයි.

’’මින් තුදුස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’අමිතඤ්ජල’’ නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සාලපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.