ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

2. භාජනදායක ථෙරාපදානය

’’මම එකල්හි බන්ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (කුඹලෙක්) වීමි. එකෙණෙහි භික්‍ෂු සංඝයාට බඳුන් දුනිමි.

’’මින් එක් අනූවන කපෙහි යම් භාජන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භාජන දානයාගේ මේ විපාකයයි.

’’මින් තෙපණස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’අනන්තජාලි’’ නම් සක්වති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

භාජනපාලකත්ථෙරස්සාපදානං දුතියං.