ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

1. උදකාසනදායක ථෙරාපදානය

’’මම අරම් දොරින් නික්ම උත්තමාර්ත්‍ථයවූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන්ද එලවා තැබීමි.

’’මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි මා විසින් යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අසුන හා දිය එලවා තැබීමෙහි මේ විපාකයයි.

’’මින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’අභිසාම’’ නම් සකිවිති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උදකාසනදායකත්ථෙරස්සාපදානං පඨමං.