ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
23. ආලම්බනදායක වග්ග
10. එක වන්‍දිය ථෙරාපදානය
’’ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ, පස්මරුන් ජයගත් වෙස්සභූ බුදුන්හට මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැන්දෙමි.
’’මින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්‍දනාවෙහි මේ විපාකයයි.
’’සූවිසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති විගතාවන්‍ද නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක වන්‍දිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකවන්දනියත්ථෙරස්සාපදානං දසමං.
ආලම්බණදායකවග්ගො තෙවීසතිමො.