ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

23. ආලම්බනදායක වග්ග

9. සුකතා වෙලිය ථෙරාපදානය

’’එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පලඳින මාලාවක් රජුට දීම සඳහා ගෙනයමි.

’’රජු වෙත පැමිණීමට පෙර බුදුරජාණන් වහන්සේ දුටිමි. සතුටුවූයේ, සතුටු සිතින් (එය) බුදුරජුන්හට පිදීමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් පුෂප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පස්විසිවන කපෙහි, මහත් බල ඇති වෙහාර නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුකතා වෙලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුකතාවෙළියත්ථෙරස්සාපදානං නවමං.