ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
23. ආලම්බනදායක වග්ග
8. මිඤ්ජ වටං සකිය ථෙරාපදානය
’’කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ සිඛී බුදුරජුන් පිරිනිවි කල්හි හිසෙහි පළඳින මාලාවන්ගෙන් ගැවසීගත් බෝධි පූජාවක් කෙළෙමි.
’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ’’මෙගබ්භ’’ නම් වූ සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජ වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මිඤ්ජවටංසකියත්ථෙරස්සාපදානං අට්ඨමං.