ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
23. ආලම්බනදායක වග්ග
7. වටං සකිය ථෙරාපදානය
’’උද්‍යාන භූමියට නික්ම යන්නේ ලෝකනායකවූ සිඛී බුදුරජුන් දිටිමි. මැනවින් කොට නිමවන ලද ස්වර්‍ණ වර්‍ණවූ හිසේ පළඳන මාලාවක් ගෙන,
’’ඇතුපිට සිටි මම වහා ඉන් බැස ලෝක බන්ධූවූ සිඛී බුදුරජුන්හට එම මාලාව පිදීමි.
’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සත්විසිවන කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහාපතාප නම් වූ සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සොවණ්ණවටංසකියත්ථෙරස්සාපදානං සත්තමං.