ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

23. ආලම්බනදායක වග්ග

6. අඞ්කොල පුප්ඵිය ථෙරාපදානය

’’නාරද යනු මගේ නමයි. මට කාශ්‍යපයයිද කියති. ශ්‍රමණයනට අග්‍රවූ, දෙවියන් විසින් සත්කාර කරණ ලද අනුව්‍යඤ්ජනයන් දරන්නාවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ විපස්සී බුදුරජුන් දිටිමි. මම රුකඟුණ මල් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.

’’මින් සූසැත්තෑවන කපෙහි ස්වර්‍ණ සිවිකා ආදී යානයන්ද, මහාමාත්‍ය සේවකාදී බලයන්ද, හස්ති අශ්ව රථ සංඛ්‍යාත වාහනයන්ද යන මොවුන්ගෙන් යුක්තවූයේ පැළඳි මාලාභරණ ඇත්තේ ’’රොමිස’’ නම් රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අඞ්කොලපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.