ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

23. ආලම්බනදායක වග්ග

5. ආරක්ඛදායක ථෙරාපදානය

’’මම විපස්සී බුදුරජුන්හට ගිනිහල් ගෙයක් දුනිමි. රෝගීන්හට නිවාස ස්ථානද, උනුදියද, කෙළගසන (පඩික්කම්ද) දුනිමි.

’’එම කර්‍මය හේතුකොට ගෙන මට මේ ආත්ම භාවය මවන ලදී. මම ලෙඩ කුමක්දැයි නොදනිමි. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගිනිහල් ගෙය දීමෙහි මේ විපාකයයි.

’’මින් සත්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අපරාජිත නම් එක් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අබ්‍යාධිකත්ථෙරස්සාපදානං පඤ්චමං.