ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
23. ආලම්බනදායක වග්ග
4. ආරක්ඛදායක ථෙරාපදානය
’’මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරණ ලදී. මා විසින් මහර්ෂීවූ බුදුරජුන්හට ආරක්‍ෂාවක්ද දෙන ලදී.
’’එම කර්‍ම විශෙෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නොදනිමි. කොහි උපන්නේ නමුදු මට ත්‍රාසයක් විද්‍යාමාන නැත.
’’මම සිව් අනූවන කපෙහි යම් වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.
’’මින් සවනු කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අපස්සෙන නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආරක්ඛදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.