ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
3. නළිනකෙසරිය ථෙරාපදානය
’’මම ස්වයංජාත විලක් මැද ජල කුක්කුටයෙක්ව වසමි. ඉක්බිති (එහිදී) අහසෙහි වඩින්නාවූ බුදුරජුන් දුටුවෙමි.
’’තුඩින් මල් ගෙන පැහැදි සිතින් ලෝක බන්ධුවූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
’’මින් දෙයානූවන කපෙහි යම් නෙළුඹු මල් පිදීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සතපත්ත නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළිනකෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නළිනකෙසරියත්ථෙරස්සාපදානං තතියං.