ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

25. තුවරදායක වග්ග

4. විරවි පුප්ඵිය ථෙරාපදානය

’’ලෝකනායකවූ (සිද්‍ධාර්ත්‍ථ) බුදුරජාණන් වහන්සේ මග වඩින සේක. එකල්හි (මම) ශබ්ද පවත්වන කුසුම් වර්‍ගයක්වූ විරවි පුෂ්පයන්ගෙන් (එම) බුදුරජුන්හට පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරවි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

විරවපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.