ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
5. කුටිධූපක ථෙරාපදානය
’’මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ ගඳකිළියෙහි වතාවත් කරන්නෙක් වීමි. කලින් කල පහන් සිතැත්තේ සියතින් දුම් ගැස්වීමි.
’’මින් සිව් අනූවන කපෙහි එකල්හිවූ යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිධූපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කුටිධූපකත්ථෙරස්සාපදානං පඤ්චමං.