ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
6. පත්තදායක ථෙරාපදානය
’’(කාය - වචී - මනො මක්ඛකාවන්ගෙන් තොර බැවින්) ඎජු ගුණ ඇති (අටලෝ දහමෙහි නොසැලෙන බැවින්) තාදී ගුණ යුත්, උතුම්වූ දමථ (සන්සිඳීම්) යෙන් යුත් සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට මා විසින් පාත්‍ර දානයක් (පාත්‍රයක්) දෙන ලදී.
’’මින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් (පාත්‍ර) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පත්තදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.