ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
7. ධාතු පූජක ථෙරාපදානය
’’ලෝකනාථවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
’’සූර්‍ය්‍ය බන්ධුවූ බුදුන්ගේ ඒ ධාතූන් වහන්සේ රැගෙන නරෝත්තමයන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පස් වසක් පූජා විධි පැවැත්වීමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ධාතු පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධාතූන්ට උවටැන් කිරීමෙහි පිදීමෙහි විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතු පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ධාතුපූජකත්ථෙරස්සාපදානං සත්තමං.