ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

25. තුවරදායක වග්ග

8. සත්තලි පුප්ඵිය ථෙරාපදානය

’’වෙස්සභූ බුදුරජුන් ලොව පහළවු කල්හි මම සත්තලි නම් මල් සතක් හිසෙහි කොට එම බුදුජුන්හට පිදීමි.

’’මින් එක් තිස්වන කල්පයෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සත්තලිපුප්ඵපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.