ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
9. බිම්බි ජාලිය ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරන සේක. අමෘත පදය (නිවණ) දක්වන සේක.
’’එකල්හි මම රත්කරව් මල් කඩා තාදී ගුණ ඇති විපදෝත්තමවූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
’’මින් අට සැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකෙසර නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බි ජාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බිම්බිජාලියත්ථෙරස්සාපදානං නවමං.