ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

25. තුවරදායක වග්ග

10. උද්දායක ථෙරාපදානය

’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් ජයගත්, කකුධ නම් බුදුරජතෙමේ වැඩ වෙසෙන විහාරයෙන් නික්ම මහා නදියට වැඩි සේක.

’’මම එකල්හි ඇසල (මල්) ගෙන සන්සුන්වූ, ඎජු ගුණ ඇති බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ පිදීමි.

’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උද්දාලකදායකත්ථෙරස්සාපදානං දසමං.

තුවරදායකවග්ගො පඤ්චවීසතිමො.