ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
26. ථොමක වග්ග
1. එකාසනදායක ථෙරාපදානය
’’දෙව්ලොව සිටියේ, විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටුවූයේ මම මේ වචනය කීමි.
’’පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කරහිය කියායි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි (යම් බුදුරජුන්හට ස්තූති) වචනයක් කීවෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ස්තූති කරණයෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ථොමකත්ථෙරස්සාපදානං පඨමං.