ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

26. ථොමක වග්ග

2. එකාසනදායක ථෙරාපදානය

’’බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරනු කැමතිව දෙව් වෙස හැර බිරිය සමග මෙහි පැමිණියෙමි.

’’(එකල්හි) දෙවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් විය. මා විසින් උන් වහන්සේට පහන් සිතින් භික්‍ෂාවක් දෙන ලදී.

’’මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකාසන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකාසනදායකත්ථෙරස්සාපදානං දුතියං.