ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
1. සුමෙධා වග්ග
4. සඞ්කමනත්‍ථාපදානය
’’සත්ත්‍වයන් (සසර සයුරින්) තරණය කරන්නාවූ, විථියට පිළිපන්නාවූ, ලොවට දෙටුවූ, (අට ලෝ දහම්හි නොසැලෙන බැවින්) තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට,
’’මම ගෙදරින් නික්ම (අවුත්) කිබිසිනිව හෙවත් මුනින් වැටී (හෙයක් ලෙසින් පාගාගන යාම සඳහා) පූජාවක් කෙළෙමි. අනුකම්පා ඇති බුදුරජතෙම මාගේ කෙස්වැටිය පෑගීය.
’’ලෝක නායකයන් වහන්සේ (එසේ) කෙස්වැටිය පාගාගන වැඩිය සේක. එම චිත්තප්‍රසාදය කරණකොටගෙන මම තුසිත දිව්‍ය ලෝකයෙහි උපනිමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් සඞ්කමනත්‍ථා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සඞ්කමනත්ථාථෙරියාපදානං චතුත්ථං.